තංගල්ල නාගරික මන්තී‍්‍ර ඇතුළු 21 ක් යළි රක්ෂිත බන්ධනාගාරයට.
2012 ජූලි 18 බදාදා- පස්වරු 04:09
අපයෝජන චෝදනා එල්ලවී ඇති තංගල්ල නාගරික මන්ත‍්‍රී අංජන ලියනගේ ඇතුලූ 21 දෙනෙකු මේ මස 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේෂා ද සිල්වා හමුවේ අද (18) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 දෙනෙකු අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. බාල වයස්කාර පාසල් සිසුවියක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනා මත මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පිරිසෙන් එක් අයෙකු බාලවයස්කාර පාසල් සිසුවෙක්.
