නුසුදුසු විදේශීය වෛද්‍යවරුන්ට පෞද්ගලික රෝහල් තුළ සත්කාර බැහැ.
2012 ජූලි 19 බ්‍රහස්පතින්දා- පස්වරු 01:26
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නීතිරීති සපුරා නොමැති කිසිදු විදේශීය වෛද්‍යවරයෙකුට මෙරට පෞද්ගලික රෝහල් තුළ රෝගී සත්කාරක සේවාවල යෙදීම නීත්‍යානුකූල නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් නිහාල් ජයතිලක කියා සිටියේ සුදුසුකම් නොමැති පුද්ගලයන්ට රෝගී සත්කාරක සේවාවල යෙදීම නීත්‍යානුකූල නොවන බවට පවතින රජයේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා කටයුතු කර ඇති බවයි. පෞද්ගලික රෝහල් තුළ සුදුසුකම් නොමැති විදේශ විශේෂඥ වෛද්‍යවරුන් සේවය කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම චෝදනා කළා. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ එවැනි වෛද්‍යවරයෙකු රෝගී සත්කාරවල යෙදී සිටින්නේ නම් ජනතාවට ඒ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හෝ වෛද්‍ය සභාවට ඉදිරිපත් කළ හැකි බවයි.
