පුතත් තාත්තගේ පාරේ.
2012 ජූලි 20 සිකුරාදා- පෙරවරු 08:13
අමීර් ඛාන්ගේ පුතාත් තාත්තගේ අඩිපාරේ යන්නයි හදන්නෙ. ඔබට එකපාරට මතක් වුණේ ඊයේ පෙරේදා ඉපදුන අසාඞ් රාවෝ ඛාන්වද? නෑ අපි මේ කියන්න හදන්නෙ අමීර්ගෙ පළවෙනි විවාහයෙ පුතා ජුනායිද් ගැන. ජුනායිද් හා හා පුරා කියලා බොලිවුඞ් වලට පය ගහන්නයි හදන්නෙ. හැබැයි නළුවෙක් හැටියට නෙවේ සහය අධ්‍යක්ෂවරයෙක් හැටියට. මේ චිත‍්‍රපටියේ රඟපාන්නෙ අමීර් ඛාන් එක්ක අනුෂ්කා ශර්මා. අධ්‍යක්ෂණය කරන්නේ රාජ් කුමාර් හිරානි. මුලදී අමීර්ගෙ වැඩි කැමැත්තක් තිබිලා නෑ පුතා දැන්මම මේවට අතගහනවට. මොකද ජුනායිද්ට තාම අවුරුදු 17 යිනෙ. ඒ කියන්නෙ තාම ඉගෙන ගන්න වයසනෙ.
