කයිතඩි තල් පර්යේෂණ ආයතනය විවෘත වෙයි.
2012 ජූලි 21 සෙනසුරාදා- පෙරවරු 07:35
නවීකරණය කරන ලද යාපනය, කයිතඩි තල් පර්යේෂණ ආයතනය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඊයේ (20) ජනතා අයිතියට පත් කෙරුණා. 1966 වසරේ මුල් වරට විවෘත කළ මෙහි ගොඩනැගිලි රැසක් යුද්ධය හේතුවෙන් විනාශයට පත්වී තිබුණා. තල් පර්යේෂණ ආයතනයේ නවීකරණ කටයුතු සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන70ක් වැය කළ අතර ලක් රජය රුපියල් මිලියන 21ක් වැය කළා. එහි ඉදිරි වැඩකටයුතු සඳහා නව පර්යේෂණ සැලසුමක් සකස් කර ඇති බවයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සදහන් කළේ. තල් වගාව ආශ‍්‍රිත නිෂ්පාදන ඉහළ මට්ටමකට ගෙන ඒම එහි අරමුණයි.
