තෙල් මිල ඉහළට.
2012 ජූලි 21 සෙනසුරාදා- පස්වරු 12:29
ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල දැන් නැවතත් ඇමරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා තිබෙනවා. ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයා වන ඇමරිකානු ආර්ථිකය වැඩි දියුණු වීම සහ කලාපීය කොටස් වෙළෙඳපොළවල වර්ධනය ඊට හේතුවයි. ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ වන විට ඩොලර් 91කට ආසන්න වූ අතර, මෙලෙස තෙල් මිල ඩොලර් 90 ඉක්ම වූයේ මැයි මාසයෙන් පසු ප‍්‍රථම වරටයි. ඉදිරි කාලය තුළ ද තෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාවේ පවතිනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
මේ අතර, කෙයාන් - ඉන්දියා සමාගම ඉදිරි වසරේ දී මන්නාරම් බොක්කේ තවත් තෙල් කැණීම් කිහිපයක් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. කෙයාන් - ඉන්දියා සමාගමේ පසුගිය දා නිකුත් වූ වාර්ෂික වාර්තාවේ දක්වා ඇත්තේ මේ සඳහා අමතර වර්ග කිලෝමීටර් 600ක ති‍්‍රමාණ භූ විද්‍යා දත්ත ලබාගෙන ඇති බවයි. කෙයාන් සමාගම මන්නාරම් බොක්කේ කණින ලද ගවේෂණ ළිං දෙකකින් ගෑස් සහ තෙල් සොයා ගැනීමට හැකි වූ අතර, වියළි නිධියක් ලෙස අතහැර දමනු ලැබුවේ එක් ළිඳක් පමණයි.
