අයිශ් නැවතත් හොලිවුඩයට.
2012 ජූලි 22 ඉරිදා- පෙරවරු 08:35
හැමෝටම ඉරිසියා හිතෙන විදියේ පවුල් ජීවිතයක් ගත කරන අයිශ්වර්යා රායිගේ මුළු ලෝකෙම වෙලා තියෙන්නේ චූටි දුව ආරධ්‍යා. ඇය ඉපදුන දවසේ ඉඳන් අද වෙනකම් අයිශ් තමන් ගැන හිතුවේ නෑ. ඇය රඟපෑමෙන් සමුගනීද කියලත් සමහරුන්ට හිතුනා. ඒත් හෙට අනිද්දට පුරුදු රස්සාව පටන් ගන්න අයිශ්වර්යා තීරණය කරලා. අපිට ආරංචි වුණු විදියට ඇය මේ වෙනකොටත් හොලිවුඞ් ෆිල්ම් එකක් භාරගෙන. ඒක අධ්‍යක්ෂනය කරන්නේ ඩැනියෙල් සිල්වා. දුව හම්බ වුණාට පස්සේ අයිශ්වර්යා සෑහෙන්න මහත් වුණානේ. මේ වෙනකම් කෙට්ටු වෙන්න නම් ඇය හිතුවේ නෑ. හැබැයි මේ චිත‍්‍රපටය භාරගත්ත දවසේ ඉඳන් ඇය ජිම් එකට යන්නත් පටන් අරගෙන කියලයි අපිට ආරංචි වුණේ.
