චීනයට මහ වැසි - වැසි අනතුරුවලින් දස දෙනෙකු මරුට.
2012 ජූලි 22 ඉරිදා- පෙරවරු 10:20
චීනයේ බීජිං නුවරට වසර 60 කින් ලැබුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එහි විශාල ජල ගැල්මක් ඇති වී තිබෙනවා. ඊයේ (21) දිනයේදී බීජිං නුවර ප‍්‍රධාන මාර්ග රැුසක් ජලයෙන් යට වී තිබූ බවයි වාර්තා වන්නේ. වැසි අනතුරුවලින් පුද්ගලයන් දස දෙනෙකු මරු මුවට පත්වු අතර, අගනුවර ප‍්‍රධාන ගුවන් තොටුපළේ දහස් ගණන් ජනයා අතරමංව සිටින බව සඳහන්. වහල කඩා වැටීම, අකුණු සැර සහ කඩා වැටුණු විදුලි මාර්ගවලින් විදුලිසැර වැදීම අනතුරුවලට හේතුවයි. ජල ගැල්ම හේතුවෙන් බීජිං නුවර සිට කි‍්‍රයාත්මක වන ගුවන් ගමන් 500 ක් පමණ අවලංගු කරනු ලැබුවා. පැය 24 ක කාලයක් තුළ බීජිං නුවර ෆන්ෂාන් ප‍්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 460 ක්.
