ඉදිරි තරගවලටත් කුලසේකර නෑ.
2012 ජූලි 22 ඉරිදා- පස්වරු 01:12
ඉන්දියාව සමග පැවති පළමු එක්දින තරගයේදී පන්දුවක් රැකීමට යාමේදී කායික ආබාධයකට ලක්වු නුවන් කුලසේකර ඉදිරි තරග සඳහා විවේක ගන්වන බව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසනවා. කෙසේ නමුත්, වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව ඔහුගේ තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින බවයි තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී මහේල සඳහන් කළේ. ශී‍්‍ර ලංකා පිල ඉන්දියාව අතින් ලකුණු 21 ක පරාජයක් ලැබූ පළමු එක්දින තරගයේදී නුවන් කුලසේකරට යැවීමට හැකිවූයේ පන්දුවාර 5 ක් පමණයි. ලකුණු 96 ක් රැස්කළ ඉන්දීය පිතිකරු විරේන්ද්‍ර ශෙවාග්ගේ තියුණු උඩ පන්දුවක් කුලසේකර ඉමහත් ප‍්‍රයත්නයක් දරා රැකගනු ලැබූවද ඊට වාසිදායක විනිශ්චයක් හිමිවූයේ නැහැ. ඒ, නැවත පරීක්ෂා කිරීමේ දර්ශන අසම්පූර්ණ වීම නිසයි. කුලසේකර වෙනුවට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි එක්දින තරගවලදී ශී‍්‍ර ලංකා පිල නියෝජනය කරන කී‍්‍රඩකයෙකු මෙතෙක් තීරණය කර නොමැති බවත් ශී‍්‍ර ලංකා නායකයා සඳහන් කළා.
