තවත් ණය ගන්න අයි.එම්.එෆ්. සමග සාකච්ජා.
2012 ජූලි 22 ඉරිදා- පස්වරු 01:15
ආර්ථික අර්බුදවල ප‍්‍රතිවිපාකවලින් ජනතාව මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දීර්ඝ කාලීන ණය යෝජනා ක‍්‍රමයකට එළැඹීමට සාකච්ජා පවත්වන බව මහ බැංකුව පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශී‍්‍ර ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 2.6 ක ණය මුදලේ අවසන් වාරිකය සඳහාද පසුගියදා අනුමැතිය හිමිවුණා. ආර්ථික සංවර්ධනය උදෙසා මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට දිගු කාලීන වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මෙරට දේශීය සහ ජාත්‍යන්තර බැඳුම්කර සඳහා ස්ථාවර ප‍්‍රතිලාභ හිමිකර ගැනීමටද මූල්‍ය අරමුදලේ සහය අවශ්‍ය බව මහ බැංකුව පෙන්වා දෙනවා.
