ප‍්‍රනාබ් මුකර්ජි ඉන්දීය ජනපතිවරණය ජය ගනී.
2012 ජූලි 22 ඉරිදා- පස්වරු 06:48
ඉන්දියාවේ 13 වන ජනාධිපතිවරයා ලෙස එරට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප‍්‍රනාබ් මුකර්ජි තේරී තිබෙනවා. දැනට ගණන් කර ඇති ඡන්දවලින් ඔහුට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව පන්ලක්ෂ 58,194 ක්. ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමට නම් ප‍්‍රනාබ් මුකර්ජි ලබා ගත යුතුව තිබුණේ ඡන්ද පන්ලක්ෂ 25,140 ක්. ඔහුගේ ප‍්‍රතිවාදියා වන පූර්නෝ අජිටොක් සන්මා ඡන්ද එක්ලක්ෂ 45,848 ක් ලබා ගෙන තිබෙනවා. ඡන්දය ගණනය කිරිමේ කටයුතු තවදුරටත් සිදුවන අතර පසුගිය ජුනි මස 19 වැනිදා පැවති ඉන්දීය ජනාධිපතිවරණ ඡුන්ද විමසීමේදී මන්ත‍්‍රීවරු 748 ක් ඡන්දය භාවිතා කර තිබෙනවා. ඉන් ප‍්‍රනාබ් මුකර්ජිට ලැබී ඇති ඡුන්ද සංඛ්‍යාව 527 ක්. ඔහුගේ ප‍්‍රතිවාදියාට ඡන්ද 206 ක් ලැබී තිබෙනවා. ප‍්‍රනාබ් මුකර්ජි නව ජනපති ලෙස මේ මස 25 වැනිදා දිවුරුම් දීමට ද නියමිතයි.
