ඉතිහාසයේ පළමු වරට බංග්ලාදේශය 20 - 20 මුල් කණ්ඩායම් 5 අතරට.
2012 ජූලි 23 සඳුදා- පස්වරු 01:27
අයි.සී.සී. ය විසින් නිකුත් කළ නවතම විස්සයි - විස්ස ශ්‍රේණිගතකිරීම්වලට අනුව බංග්ලාදේශය පළමු කණ්ඩායම් 5 අතරට ඇතුළත්ව තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවටයි බංග්ලාදේශය මෙම ශ්‍රේණිගතකිරීම්වල සිව්වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ. නිමාවට පත්වූ අයර්ලන්තය සමග පැවති තරඟාවලිය තරඟ 3 ට බිංදුවක් ලෙස ජයග‍්‍රහණය කිීරීමත් සමග බංග්ලාදේශය ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට පැමිණියා. විස්සයි - විස්ස ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානය එංගලන්තයට හිමිව ඇති අතර දෙවන ස්ථානය සහ තුන්වන ස්ථානය පිළිවෙලින් හිමිව ඇත්තේ දකුණු අප‍්‍රිකාවට සහ ශ‍්‍රී ලංකාවටයි. ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම බංග්ලාදේශයට වඩා පසුපසින් සිටින අතර ඔවුන්ට හිමිව ඇත්තේ ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයයි. පිළිවෙලින් පාකිස්ථානය, නවසීලන්තය සහ ඉන්දියාව ශ්‍රේණිගතකිරීම්වල හය, හත සහ අටවන ස්ථාන හිමිකරගෙන තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ශ්‍රේණිගතකිරීම්වල හිමිව ඇත්තේ නවවන ස්ථානයයි.
