සිරියානු රසායනික අවි ප‍්‍රහාරයකට මුහුණදීමට ඇමරිකාව සූදානම්.
2012 ජූලි 23 සඳුදා- පස්වරු 02:25
සිරියානු රජය රසායනික අවි භාවිතා කළහොත් ඊට එරෙහිව ප‍්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව ඇමරිකාව පවසනවා. සිරියානු විපක්ෂය සමග දැන් පවතින සිවිල් යුද්ධයේදී ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය ඊට මුහුණදීම සඳහා රසායනික අවි භාවිතා කරනු ඇතැයි ඉරාකයේ හිටපු සිරියානු තානාපතිවරයාද බි‍්‍රතාන්‍ය ගුවන් විදුලිය සමග සාකච්ඡාවකට එක්වෙමින් මීට පෙර සඳහන් කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිරියාව අවට පිහිටි රටවල් සමගද ඇමරිකාව මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටිනවා. ඇමරිකානු වාර්තාවලට අනුව මේ වනවිට සිරියානු රජය ගැටුම් පවතින ප‍්‍රදේශවලට රසායනික අවි ප‍්‍රවාහනය කරමින් සිටින බවයි අනාවරනය වී ඇත්තේ.
