ඔබාමා, සිරියාවට යළි අනතුරු අඟවයි.
2012 ජූලි 24 අඟහරුවාදා- පස්වරු 02:04
කවර ආකාරයෙන් හෝ රසායනික අවි භාවිත කිරීමට කටයුතු කළහොත් එය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සිදුකරන බරපතල අත් වැරැුද්දක් වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. ජනාධිපති අසාද්ගේ රජය විපක්ෂ කැරළිකරුවන්ට එරෙහිව රසායනික අවි භාවිත කිරිමේ අවදානමක් පවතින බව සිරියානු මානව හිමිකම් කි‍්‍රයාකාරීන් පසුගිය දා ප‍්‍රකාශ කළා. එහෙත් ඩමස්කස් නුවර දී සිරියානු විදේශ අමාත්‍යාංශය ඊයේ ප‍්‍රකාශ කළේ එලෙස රසායනික අවි භාවිත කරන්නේ විදේශීය හමුදාවකට එරෙහිව පමණක් බවයි. කෙසේ නමුත් මෙමගින් සිරියාව සතුව රසායනික අවි පවතින බව තහවුරු වන්නේ යැයි බටහිර රටවල් ප‍්‍රකාශ කරනවා. ඇමරිකානු ජනාධිපතිවරයා සිරියානු බලධාරීන්ට යළි අනතුරු ඇගවීමක් කර ඇත්තේ ඒ නිසයි. රසායනික අවි ඇතුළු විනාශකාරී අවි භාවිතයෙන් ලොව සියලූම රටවල් වැලකී සිටිය යුතු බව ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන් ද ප‍්‍රකාශ කළා.
