මේ සතියේ මිලියන ගණනක විනිමය.
2012 ජූලි 24 අඟහරුවාදා- පස්වරු 02:08
විදේශ වෙළෙඳපොළට නිකුත් කෙරුණු සෛවරීත්ව බැඳුම්කර සඳහා වන ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය මේ සතිය තුළ දී ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. එමගින් රුපියලේ අගයට යළි බලපෑමක් ඇති විය හැකි බව මූල්‍ය වෙළෙදපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. එහිදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් විය හැකියි. කෙසේ නමුත් මෙම විදේශ විනිමය ප‍්‍රවාහය මූල්‍ය වෙළෙදපොළට ඍජුව ප‍්‍රවේශවීම වැළැක්වීම තුළින් එම තත්ත්වය පාලනය කිරීමට මහබැංකුව කටයුතු කරනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 500ක් වටිනා ෙසෙවරීත්ව බැදුම්කර පසුගිය දා විදේශ වෙළෙදපොළට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට හිමි වූයේ ඉහළ ඉල්ලූමක්.
