ඇසෑමයේ කලහකාරීන්ට දුටු තැන වෙඩි තබන නියෝග.
2012 ජූලි 24 අඟහරුවාදා- පස්වරු 02:34
ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ පාරම්පරික ගෝත‍්‍රික ජනතාව සහ මුස්ලිම් පදිංචිකරුවන් අතර ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 60,000ක් පමණ සහන කඳවුරු වෙත පළා ගොස් තිබෙනවා. මුස්ලිම් සහ බෙංගාලි සංක‍්‍රමණිකයින්ගේ ගැටළුව පසුගිය වසර ගණනාවක් තුළම පැවැති අතර දැන් එම තත්ත්වය උත්සන්න වී ඇති බව සඳහන්. ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළා. මේ හේතුවෙන් ඇසෑම් ප‍්‍රාන්තයේ ආරක්ෂක බලධාරීන් නියෝග කර ඇත්තේ කලහකාරීන්ට දුටු තැන වෙඩි තැබීමටයි. නිවාස ගිනි තැබීම් සහ වෙඩි තැබීම් රැසක් වාර්තා වී ඇති අතර, ප‍්‍රාන්තයේ ආරක්ෂාව සඳහා අමතර යුධ හමුදා සෙබලූන් යෙදවීමට ඉන්දීය රජය පියවර ගත්තා. චීනය සහ බංග්ලාදේශය දේශසිමා කොටගත් ඇසෑම් ප‍්‍රාන්තය ඉන්දියාවට සම්බන්ධ වන්නේ කිලෝමීටර් 22ක පටු බිම් තීරුවකින්.
