දෙවැනි තරගයේ ජය ශ‍්‍රී ලංකාවට.
2012 ජූලි 24 අඟහරුවාදා- පස්වරු 07:41
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින ක‍්‍රිකට් තරඟය කඩුලූ 9 කින් ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා කන්ඩායම ඊයේ (24) සමත් වුණා. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 33 යි පන්දු 3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 138 ක් පමණයි. එහිදී ගෞතම් ගාම්බීර් ලකුණු 65 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී තිසර පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුලූ 3 බැගින් දවාගත්තා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 139 ක ජයග‍්‍රාහී සීමාව පසුකර ගියා. ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග නොදැවී ලකුණු 59යි. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 50 යි. තරගයේ වීරයා බවට පත්වූයේ තිසර පෙරේරායි. දෙරට අතර තුන් වැනි තරගය ලබන 28 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
