සිරියාවේ ආර්ථික අගනගරය කැරලිකරුවන් අල්ලයි.
2012 ජූලි 25 බදාදා- පස්වරු 12:55
සිරියාවේ ආර්ථික අගනගරය වන ඇලපෝ කැරලිකරුවන් විසින් අල්ලාගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ කැරලිකරුවන් විසින් මෙම නගරය අත්පත් කර ගැනීමෙන් පසුවද සිරියානු හමුදා විසින් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ඇති බවයි. ඔවුන් ඒ සඳහා ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා ද යොදා ගෙන තිබෙනවා. 2011 වසරේ මාර්තු මාසයේ දී සිරියාව තුළ ගැටුම් ආරම්භ කිරීමෙන් පසුව ප‍්‍රහාර සඳහා හෙලිකොප්ටර් භාවිතා කළ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ. විදෙස් වාර්තාවලට අනුව ප‍්‍රහාරවලින් දහස් ගණන් සිවිල් වැසියන් මියගොස් තිබෙනවා. ලෝක උරුමයක් ලෙස සැලකෙන පුරාණ ඇලපෝ නගරය ද ප‍්‍රහාරවලින් විනාශ වී ඇති බවයි රට තුළ සිටින මාධ්‍ය වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර සිරියානු හමුදා ජෙනරාල්වරයෙකු සහ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ සමීපතමයෙකු වන බි‍්‍රගේඩියර් ජෙනරාල් මතාෆ් තලාෆ් හමුදාව අතහැර කැරලිකරුවන්ට සහය පළ කර තිබෙනවා.
