ගුවෝ මැරියන් ස්වාධීන ඔලිම්පික් යයි.
2012 ජූලි 25 බදාදා- පස්වරු 12:53
මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ඔලිම්පික් ධඡය යටතේ රටක් නොමැතිව ස්වාධීනව තරග වැදීමට ක‍්‍රීඩකයෙකු ඉදිරිපත්ව සිටිනවා. ගුවෝ මැරියල් නැමැති මෙම ක‍්‍රීඩකයා ඉදිරිපත්ව සිටින්නේ මැරතන් ක‍්‍රීඩාව සඳහායි. දැනට ඇමෙරිකාවේ පදිංචිව සිටින ගුවෝ මැරියල් සුඩානයේ උපත ලැබූවෙක්. පසුව ඔහු වයස අවුරුදු 14 දී සරණාගතයෙකු ලෙස ඇමෙරිකාවට පැමිණියා. සුඩානයේ ඇති වූ සිවිල් යුද්ධයත් සමග රට කොටස් දෙකකට බෙදුනු අතර මොහු අයත් වූයේ දකුණු සුඩානයටයි. දකුණු සුඩානයට මෙතෙක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය හිමිව නැහැ. මේ නිසා ඔහුට දකුණු සුඩාන ධඡය යටතේ මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමේ අවකාශ අහිමිව ගියා. කෙසේ වෙතත්, සුඩාන රාජ්‍යය මෙම ක‍්‍රීඩකයාට තම රටේ ධඡය යටතේ තරගවදින ලෙස ආරාධනයක් කළත් ඔහු එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර, ගුවෝ මැරියල් මෙතෙක් ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගෙන නොමැති නිසා ඔහුට ඇමෙරිකානු ධඡය යටතේ තරගවැදීමට ද අවස්ථාව හිමිවන්නේ නැහැ. මෙම අර්බුදය හමුවේ මොහු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි ඔහුට ඔලිම්පික් ධඡය යටතේ තරගවැදීමට අවස්ථාව හිමිවී ඇත්තේ.
