ඔලිම්පික් සමාරම්භක උළෙලට ඬේවිඞ් බෙකම්.
2012 ජූලි 26 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:33
හෙට ලන්ඩන් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය සඳහා එංගලන්තයේ සුපිරි පාපන්දු ක‍්‍රීඩක ඬේවිඞ් බෙකම් සහභාගිවන බවට ඔලිම්පික් සංවිධායක කමිටුව ඊයේ (25) නිවේදනය කළා. කෙසේ වුවත් සමාරම්භක උළෙලේ අනෙකුත් තොරතුරු මේ වනතෙක් ඔවුන් විසින් මාධ්‍යයට හෙළි කර නැහැ. ඒ සඳහා සහභාගිවන අය සහ ඊට අයත්වන සංස්කෘතික සංදර්ශන තවදුරටත් හෙලිකිරීමෙන් වැළකීමට හේතුව වන්නේ තවදුරටත් ලෝක ජනතාවගේ අවධානය යොමුකරවා ගැනීමේ බලාපොරොත්තුවෙන් බවයි ඔලිම්පික් සංවිධායක කමිටුවේ ප‍්‍රධානියෙකු පවසන්නේ.
මේ අතර ලෝක වේගවත්ම ධාවකයා ලෙස සැළකෙන හුසේන් බෝල්ට් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා තරඟ වැදීමට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ජැමෙයිකානු මළල ක‍්‍රීඩා කණ්ඩායමේ වෛද්‍යවරයා වන වින්ස්ටන් ඬේව්ස් පවසනවා. පසුගියදා පුහුණුවීම් අතරතුරදී හුසේන් බෝල්ට්ගේ පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙවර ඔලිම්පික් තරඟාවලියට ඔහු තරඟ වැදීම සම්බන්ධයෙන් අවිනිශ්චිත භාවයක් පැවතුණා.
