ඔලිම්පික් උළෙලේ අඩුපාඩු රැසක් - මිට් රොම්නි.
2012 ජූලි 27 සිකුරාදා- පෙරවරු 10:18
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අඩුපාඩු රැසක් ඇතිවිය හැකි බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක මිට් රොම්නි පවසනවා. ඔලිම්පික් සමාරම්භක උත්සවයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි අවස්ථාවේයි මිට් රොම්නි මේ බව පවසා ඇත්තේ. එහිදී මිට් රොම්නි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සහ ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක එඞ් මිලිබෑන්ඞ් ද මුණ ගැසුණා. ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව පිළිබඳ අඩුපාඩු රැසක් පවතින බවයි මිට් රොම්නි එහිදී සඳහන් කර තිබෙන්නේ. කෙසේ වුවත් ඊයේ ලන්ඩන් නුවර - හයිඞ්පාක් පිටියේ පැවති ඔලිම්පික් සැමරුම් උත්සවයකදී ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන්, මිට් රොම්නිගේ ප‍්‍රකාශයට පිළිතුරු ලබාදී තිබෙනවා. එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මිට් රොම්නි කුමක් ප‍්‍රකාශ කළ ද ඔලිම්පික් උළෙල සඳහා ලන්ඩන්වාසීන් සූදානම් බවයි.
