අල්ලස් ගත් මහවැලි නිළධාරියෙකු අත්අඩංගුවට.
2012 ජූලි 27 සිකුරාදා- පස්වරු 03:05
අල්ලස් ලබා ගැනීමට තැත් කල දෙහිඅත්තකණ්ඩිය මහවැලි අධිකාරී කාර්යාලයේ කජුවත්ත ඒකකයේ මහවැලි ඒකක කළමනාකාරවරයා අද (27) අල්ලස් හෝ ඳුෂණ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අරලගංවිල - කජුවත්ත ප‍්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් 25,000ක මුදලක් ලබා ගන්නා අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. එම කාන්තාවගේ ඥාතියෙකුට අයත් ඉඩමකින් අක්කර තුන හමාරක භූමි ප‍්‍රමාණයක් ඇයගේ නමට හරවා දෙන බව පවසමින් ඔහු මෙම අල්ලස් මුදල ලබාගෙන තිබෙනවා.
