නි. අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට ඇප.
2012 ජූලි 27 සිකුරාදා- පස්වරු 04:05
සති දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන නන්දන ලොකුබරණ අද (27) දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණා. ඒ අනුව අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත ඔහු මුදා හරින ලෙසයි. ඇපකරු රජයේ සේවකයෙකු විය යුතු අතර, සැකකාර සම්බන්ධීකරණ ලේකම්වරයා සෑම මසකම අවසන් ඉරිදා දිනයේ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ පෙනී සිටිය යුතු බව ද එහිදී මහේස්ත‍්‍රාත්වරිය සඳහන් කළා. මෙම සම්බන්ධීකරණ ලේකම්වරයා අත්අඩංගුවට ගැනුණේ පෞද්ගලික සමාගම් දෙකකට අගරු චෙක්පත් ලබාදීම සහ අධිකරණය මඟහැර සිටීම යන චෝදනා හේතුවෙන්.
