පිච්ච මල් පූජාවට සහ තලවිලට විශේෂ දුම්රිය සේවා.
2012 ජූලි 27 සිකුරාදා- පස්වරු 05:06
අනුරාධපුරයේ පැවැත්වෙන පිච්ච මල් පූජාව වෙනුවෙන් අද (27) සිට අනිද්දා දක්වා විශේෂ දුම්රිය සේවා කි‍්‍රයාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලා. ඒ අනුව අනුරාධපුරයේ සිට කොළඹ කොටුවට විශේෂ දුම්රිය තුනක් සහ කොළඹ කොටුවේ සිට අනුරාධපුරයට විශේෂ දුම්රිය දෙකක් යොදා තිබෙනවා. මාතර සිට අනුරාධපුරය දක්වා ද විශේෂ දුම්රියක් පිච්චමල් පූජාව වෙනුවෙන් යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර, තලවිල ශාන්ත ආනා දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ද අගෝස්තු 4 වැනිදා සිට විශේෂ දුම්රිය සේවා රැුසක් කි‍්‍රයාත්මකයි.
