සිරියාව බිඳ වැටේවි. - ජගත් සංවිධානය.
2012 ජූලි 27 සිකුරාදා- පස්වරු 07:40
සිරියාවේ වත්මන් පාලනය නුදුරු දිනකදීම බිඳ වැටෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කරනවා. එහි සිරියානු නිරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධානී මේජර් ජනරාල් රොබට් මූන් මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ ජගත් සංවිධානය වෙත විශේෂ වාර්තාවක් යොමු කරමින්. වත්මන් සිරියානු පාලනය බිද වැටුණුහොත් එරට තුළ පවතින ගැටුම් තවදුරටත් උග‍්‍ර වනු ඇතැයි එම වාර්තාවේ සඳහන්. එම නිසා සිවිල් වැසියන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි ජගත් සංවිධානයේ අදහස වී ඇත්තේ.
