රුසියාව නැවතත් පිට රට කඳවුරු පිහිටුවයි.
2012 ජූලි 28 සෙනසුරාදා- පෙරවරු 07:56
විදේශ රටවල නැවතත් නාවික කඳවුරු පිහිටුවීමට රුසියාව සැලසුම් කරන බවට පළ වී ඇති වාර්තා එරට ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (27) ප‍්‍රතික්ෂේප කළා. වියට්නාමය, කියුබාව සහ සීෂෙල්ස් යන රටවල මෙලෙස රුසියානු නාවික කඳවුරු පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි මාධ්‍ය වාර්තා පළ වුණේ. එහෙත් රුසියානු නාවික හමුදාවේ ප‍්‍රධාන අණ දෙන නිලධාරී වයිස් අද්මිරාල් වික්ටර් චිර්කොෆ් ඊයේ කියා සිටියේ එය හුදෙක් මනංකල්පිත මාධ්‍ය නිර්මාණයක් බවයි. රුසියාව සතුව විදේශයන්හි පැවැති නාවික කඳවුරු සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව ඉවත් කර ගැනුණා.
