මාගල්ල වැවේ ප‍්‍රතිසංස්කරණ ඇරඹේ.
2012 ජූලි 28 සෙනසුරාදා- පෙරවරු 08:07
නිකවැරටිය - මාගල්ල වැව ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (27) ආරම්භ වුණා. මහසෙන් රජු විසින් කරවන ලද මෙම වැව 1943 වසරට පසු ප‍්‍රතිසංස්කරණය කර තිබුණේ නැහැ. වැවට ජලය ගෙන එනු ලබන රිදී මැඩි ඇලෙහි රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ද මීට සමගාමීව ආරම්භ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) කුරුණෑගල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට ද සහභාගි වුණා. අනතුරුව ජනාධිපතිවරයා දැදුරුඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් ද නිරීක්ෂණය කර තිබෙනවා.
