පාකිස්තානයට එන්න. - මන්මෝහන්ගෙන් සර්ධාරි ඉල්ලයි.
2012 ජූලි 28 සෙනසුරාදා- පෙරවරු 09:09
ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිංට නිළ සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණෙන ලෙස පාකිස්තාන ජනාධිපති අසීෆ් අල් සර්ධාරි ලිපියක් මගින් ආරාධනා කර තිබෙනවා. දෙරට අතර පවතින ගැටළු විසදා ගැනීම සඳහා මෙම සංචාරය ඉවහල් වනු ඇති බවයි පාකිස්තානු ජනාධිපතිවරයා එම ලිපියෙන් සඳහන් කර ඇත්තේ. එමෙන්ම ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මුල් පදිංචි ගම පාකිස්තානයට අයත් වන නිසා එම ප‍්‍රදේශයේ ද සංචාරයක් සඳහා පැමිණෙන ලෙසයි පාකිස්තාන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. කෙසේ වුවත් පාකිස්තානු ජනාධිපතිවරයාගේ මෙම ආරාධනයට ඉන්දීය රජයෙන් තවමත් ප‍්‍රතිචාර ලැබී නැහැ.
