ගිනි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් ගැන පරීක්ෂණ ඇරඹේ.
2012 ජූලි 28 සෙනසුරාදා- පෙරවරු 11:08
බුලත්කොහුපිටිය - සූරියමල්ගම ප‍්‍රදේශයේ දී ගිනි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ අදාළ ප‍්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි. ඔහු පදිංචිව සිටි පැල්පත තුළ ම ශරීරයට පෙට‍්‍රල් දමා ගිනි තබා එම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ. ඉඩම් ආරවුලක් ඊට හේතු වී ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
