අවි වෙළෙඳාම පාලනයට ගෙන ආ සම්මුතිය අසාර්ථකයි.
2012 ජූලි 28 සෙනසුරාදා- පස්වරු 01:15
ජාත්‍යන්තර අවි වෙළදාම පාලනය කිරීම සඳහා ජගත් සංවිධානය විසින් ඇති කිරීමට සූදානම් වූ සම්මුතිය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම සම්මුතිය අත්සන් කිරීමේ අවසන් දිනය ලෙස ඊයේ (27) දිනය නම් කර තිබූ අතර ප‍්‍රබල රටවල් කිහිපයක් ඊට අත්සන් නොකිරීම හේතුවෙන් එම සම්මුතිය අසාර්ථ ක වූ බවයි එම විදෙස් වාර්තා පවසන්නේ. චීනය, රුසියාව, ඇමරිකාව මෙම ගිවිසුම අත්සන් කිරීමට තවත් කල් ඉල්ලා ඇති බව ද සඳහන්. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ජගත් සංවිධානය මෙතෙක් නිළ ප‍්‍රකාශයක් සිදුකර නැහැ.
