යුනෙස්කෝ කොමසාරිස් ධුරය ශ‍්‍රී ලාංකිකයෙකුට.
2012 ජූලි 28 සෙනසුරාදා- පස්වරු 03:35
යුනෙස්කෝ සංවිධානයේ ඇමෙරිකානු ජාතික කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය පැට්ටි‍්‍රක් මෙන්ඩිස් පත් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්. ශ‍්‍රී ලාංකික ඇමෙරිකානුවෙකු වන මහාචාර්ය පැට්ටි‍්‍රක් මෙන්ඩිස් ඇමෙරිකානු රජයේ දේශපාලන ප‍්‍රතිපත්ති සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු සම්බන්ධයෙන් ද කටයුතු කර තිබෙනවා. ඔහු ඒ සඳහා සුදුසුම පුද්ගලයා බව ඇමෙරිකානු පාර්ලිමේන්තු නියෝජිතයන් රැසක් ද ප‍්‍රකාශ කළා. පොළොන්නරුවේ උපත ලැබූ මහාචාර්ය පැට්ටි‍්‍රක් මෙන්ඩිස් ශ‍්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම උපාධිය හැදෑරීමෙන් අනතුරුවයි එක්සත් ජනපදය වෙත සංක‍්‍රමණය වී ඇත්තේ.
