බාල ඞීසල් පරීක්ෂාවකට සංස්ථාව සූදානම්.
2012 ජූලි 28 සෙනසුරාදා- පස්වරු 07:06
තමන් විසින් බෙදාහරින ලද ඞීසල් භාවිතය හේතුවෙන් වාහන කාර්මික දෝෂවලට ලක්ව ඇති බවට ලිඛිත පැමිණිලි ලැබුණහොත් ඒවා පරීක්ෂා කිරීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ප‍්‍රකාශ කළා. ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වුණේ ඕනෑම ඉන්ධන වර්ගයක් අවස්ථා දෙකකදී රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් අනතුරුව බෙදාහැරීමට කටයුතු කරන බවයි. ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම නිකුත් කළ ඞීසල් භාවිත කළ වාහන කාර්මික දෝෂවලට ලක්ව ඇති බවට වාර්තා පළ වුණා. එම වාර්තා පිළිබඳ අදහස් දක්වමින් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ ශි‍්‍රී ලංකාවට ආනයනය කළ ඞීසල් තොග අනුමත තත්ත්වයන්ට අනුකූල බවයි.
