පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක්.
2012 ජූලි 29 ඉරිදා- පෙරවරු 08:55
පැසිෆික් සාගරයේ පැපුවා - නිව්ගිනියා දිවයිනට ඔබ්බෙන් අද උදෑසන ප‍්‍රබල භූ කම්පනයක් ඇතිවුණා. නිව්ගිනියා වේලාවෙන් අද උදෑසන 6.04 ට එය සිදුව ඇත්තේ කිලෝමීටර් 66 ක් ගැඹුර මුහුදු පත්ලේයි. කෙසේ නමුත් මෙම භූ කම්පනය නිසා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ. මහාද්වීපික තටක පැලූම් නිසා භූ ක‍්‍රියාකාරකම් බහුල පැසිෆික් ගිනි වලල්ලට අයත් පැපුවා නිව්ගිනියාවේ මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් වාර්තාවනවා. 1998 වසරේ මෙහි ඇතිවූ එවැනි භූ කම්පනයකින් පුද්ගලයන් 2000 කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්වුණා.
