හේෂාන් උනම්බුවට මූලික වටයේ තරගයකින් දෙවන ස්ථානය.
2012 ජූලි 29 ඉරිදා- පස්වරු 05:07
ශ‍්‍රී ලංකා පිහිනුම් ක‍්‍රීඩක හේෂාන් උනම්බුව මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 100, පසුපස ආර මූලික වටයේ පළමු තරගයට අද පස්වරුවේ සහභාගි වුණා. එම තරගයේදී හේෂාන් උනම්බුවට හිමිවූයේ දෙවන ස්ථානයයි. ඒ සඳහා ඔහු ගත කළ කාලය තත්ත්පර 57 යි දශම 94 ක්. බාබර්ඩෝස්හි ක‍්‍රීඩකයා පළමු ස්ථානය දිනාගත් අතර ඒ සඳහා ඔහු ගතකළ කාලය 56 යි දශම 7 ක්. එහෙත්, පිහිනුම් ක‍්‍රීඩක හේෂාන් උනම්බුවට අවසන් පූර්ව වටය සඳහා තරග වැදීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. මේ අතර මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් මූලික වටයේ තරගාවලිය සඳහා අද දිනයේදී තිළිණි ජයසිංහ සහභාගි වුණා. ඇයත් සම`ග තරග වැදුණේ තායිලන්ත ක‍්‍රීඩිකාවක්. නමුත්, තිළිණි ජයසිංහ මූලික වටයේ තරගයෙන් පරාජයට පත්වුණා. ඒ 21 ට 5 ක් සහ 21 ට 13 ක් ලෙසයි.
