නලා බෑ. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කියයි.
2012 ජූලි 30 සඳුදා- පෙරවරු 07:47
මෙරටදී පැවැත්වෙන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරඟවලදී අධික ශබ්දයක් නිකුත් කරන නලා භාවිතා කිරීම තහනම් කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කොට තිබෙනවා. ක‍්‍රීඩාංගණවලදී එම නලා භාවිතා කිරීමෙන් පේ‍්‍රක්ෂකයන්ට ඇතිවන අපහසුතා සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ප‍්‍රකාශ කළේ. කෙසේ වුවත් පපරේ සංගීත කණ්ඩායම් සඳහා මෙම තීරණය බාධාවක් නොවන බවද ඔහු කියා සිටියා. පසුගිය දින කිහිපය තුළ අධික ශබ්දයක් නිකුත් කරන නලා භාවිතා කිරීමෙන් පේ‍්‍රක්ෂකයන්ට සිදුවූ අපහසුතා පිළිබඳ ඔවුන් සිදුකරන ලද පැමිණිලි රැසක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ලැබුණු බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග කියා සිටියේ.
