ජගත් සංවිධානය උතුරු කොරියාවට.
2012 ජූලි 31 අඟහරුවාදා- පස්වරු 01:16
මහා ජල ගැල්මකට ගොදුරු වී සිටින උතුරු කොරියාවට සහනාධාර ලබාදීම පිළිබදව සලකා බැලීම සඳහා ජගත් සංවිධාන නියෝජිත කණ්ඩායමක් එහි යාමට නියමිතයි. සතියක් පුරා පවතින ජල ගැල්මෙන් පුද්ගලයන් 88 දෙනෙකු මිය ගොස් 134 දෙනෙකු තුවාල ලැබූ අතර, අවතැන් වූ සංඛ්‍යාව 63,000කට අධිකයි. ජලයෙන් යට වූ ප‍්‍රදේශවල තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා මෙලෙස යනු ඇත්තේ උතුරු කොරියාවේ සිටින ජගත් සංවිධාන අනුබද්ධ ආයතනවල නියෝජිතයන්. 1990 දශකයේ උතුරු කොරියාවේ ඇති වූ දුර්භික්ෂ සමයෙන් පසු ඇති වී තිබෙන විශාලතම ස්වභාවික ආපදාව මෙම ජල ගැල්මයි. එය උතුරු කොරියාවේ නව නායක කිම් ජොං අන් මුහුණ දෙන අභියෝගයක් ද වනවා.
