මීගමුවේ කාපට් අවුලක්.
2012 ජූලි 31 අඟහරුවාදා- පස්වරු 01:22
මීගමුව මහනගර සභාවට අයත් කොච්චිකඬේ - පල්ලන්සේන ප‍්‍රදේශයේ මාර්ග දෙකක් කාපට් කිරීම ආරම්භ කිරීමට සූදානම් වන මොහොතේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එය අතරමඟ නවතා දැමීමට නියෝග කර තිබෙනවා. රුපියල් ලක්ෂ 150කට ආසන්න මුදලක් වෙන් කර මෙම මාර්ග දෙක පිළිසකර කිරීමටයි මීගමුව මහ නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත්තේ. නමුත් ඊයේ (30) දිනයේ දී කාපට් ඇතිරීමට සියලූ කටයුතු සූදානම් කර සිටියදී මාර්ග සංවර්ධන අධිකාරියේ මීගමුව ප‍්‍රධාන ඉංජිනේරුවරයාගේ නියෝගය මත සියලූ කටයුතු නවතා දැමීමට කටයුතු කළ බවයි මීගමුව මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රී සුනිල් සිල්වා හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ තමන් සමග ඇති පෞද්ගලික අමනාපයක් මත මෙසේ කටයුතු කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය මීගමුව මහනගර සභාවෙන් විමසීමක් කළා. එහි නගරාධිපති ඇන්ටනී ජයවීර කියා සිටියේ මාර්ග සංවර්ධන අධිකාරීයේ ඉංජිනේරුවරයාගෙන් තමන් මේ සම්බන්ධයෙන් විමසූ බවයි. එහිදී ප‍්‍රධාන ඉංජිනේරුවරයා නගරාධිපතිවරයාට සදහන් කර ඇත්තේ මීගමුව ආසන සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මන්ත‍්‍රීවරයාගේ උපදෙස් මත තමන් මෙම තීරණය ගත් බවයි.
හිරු ප‍්‍රවෘත්ති අංශය රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගෙන් මේ පිළිබදව කරුණු විමසුවා.
