කාසියේ වාසිය මහේලට.
2012 ජූලි 31 අඟහරුවාදා- පස්වරු 02:15
සංචාරක ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර අද (31) පැවැත්වෙන සිව්වෙනි එක්දින ක‍්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ අද පැවැත්වෙන තරඟය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර සංගක්කාර තරඟ නොවදින අතර ඔහු වෙනුවට ලහිරු තිරිමාන්න තරඟයට එක්කොට තිබෙනවා. ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙතෙක් පැවති තරඟ තුනෙන් දෙකට එකක් ලෙස ජයග‍්‍රහණය කරමින් ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.
