අදත් උද්ඝෝෂණ රැසක්.
2012 ජූලි 31 අඟහරුවාදා- පස්වරු 07:18
තම වැටුප් ඉහළ නැංවීම සහ උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය විසින් අද කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. ඔවුන් බොරැල්ල කැම්බල් පිටියේ සිට පාගමනින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දක්වා පැමිණ එහිදී උද්ඝෝෂණයක නිරතවුණා. උද්ඝෝෂණයෙන් අනතුරුව අදහස් දැක්වූ, රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි.
මේ අතර අද අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල භූමියේදී විරෝධතා සත්‍යග‍්‍රහයක් පැවැත්වුණා. ඒ උතුරුමැද පළාතේ ගුරු සහායක සහායිකාවන්ගේ මාසික දීමනාව වැඩිකර දෙන ලෙස ඉල්ලමින්. දැනට මාසිකව ලැබෙන රුපියල් 3000 ක දීමනාව ප‍්‍රමාණවත් නොවන බවයි ඔවුන් එහිදී සඳහන් කළේ. ඒ පිලිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු.
අනුරාධපුර එප්පාවල නගරයේද අද උද්ඝෝෂණයක් පැවත්වුණා. ඒ මහවැලි එච්. කලාපයේ ගොවීන් පිරිසක් විසින් නියඟයෙන් සිදුවූ වගා හානිය සඳහා ප‍්‍රමාණවත් වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලමින්. එහිදී උද්ඝෝෂණයේ නිරතව සිටි ගොවීන් කිහිපදෙනෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.
