සරසවි ඇඳුරන්ගේ ගැටළුවලට විසඳුම් නැහැලූ.
2012 අගෝස්තු 01 බදාදා- පෙරවරු 07:28
උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ ආණ්ඩුවට රටේ උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය පිළිබඳ පවතින වැදගත්කම ගැන ගැටලූවක් ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙතෙක් තම ගැටළුවලට විසඳුම් ලබාදීම හෝ සාකච්ඡාවක්වත් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවයි. ඔහු මෙම අදහස් පළ කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති අඛණ්ඩ වර්ජනයට ලැබුණු විසඳුම් මොනවාදැයි හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු දෙමින්.
