දෙවිනුවර පෙරහැරේ ගමන් ගත් කාවඩිකරුවෙකුට තියුණු ආයුධයකින් පහරදෙයි.
2012 අගෝස්තු 01 බදාදා- පෙරවරු 10:23
මාතර - දෙවිනුවර ශ‍්‍රී විෂ්ණු මහා දේවාලයේ ඊයේ රාත‍්‍රීයේ පැවති පේලි පෙරහැරේදී එහි ගමන් ගත් කාවඩිකරුවෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. කාවඩිකරු ද පහරදුන් පුද්ගලයාට පොල්ලකින් පහරදී තිබෙනවා. පසුව දෙදෙනාම රෝහල් ගත කර ඇති බවයි ගන්දර පොලිසිය පවසන්නේ. පෞද්ගලික හේතුවක් මත මෙම ගැටුම සිදුවී ඇති අතර එක් පුද්ගලයෙකු මාතර රෝහලට ද අනෙක් පුද්ගලයා තංගල්ල රෝහලට ද ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගන්දර පොලිසිය මගින් සිදුකරන අතර සැකකරුවන් අද මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
