මයිකල් ෆෙල්ෆ්ස්ගෙන් ලෝක වාර්තාවක්.
2012 අගෝස්තු 01 බදාදා- පස්වරු 01:15
ලොව සුපිරි පිහිනුම් ක‍්‍රීඩක මයිකල් ෆෙල්ෆ්ස් ඊයේ නව ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ පදක්කම් 19 ක් ලබා ගනිමින් ඔලිම්පික් තරගවලදී වැඩිම පදක්කම්ලාභියා බවට පත්වෙමින්. 27 හැවිරිදි මයිකල් ෆෙල්ෆ්ස් මේ වන විට ලබා ඇති රන් පදක්කම් සංඛ්‍යාව 15 ක්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ රුසියානු ජිම්නාස්ටික් ක‍්‍රීඩිකා ලැරීසා ලැට්නිනා විසින්. ඇය පදක්කම් 18 ක් ලබා ගත්තා. මෙවර ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී ද ෆෙල්ෆ්ස් මේ වන විට පදක්කම් 3 ක් ලබා ගෙන සිටිනවා. රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් මෙම පදක්කම්වලට ඇතුළත්. රන් පදක්කම ලබා ගත්තේ මීටර් 200 x 4 නිදහස්ආර පිහිනුම් තරගයේදීයි. ඊට අමතරව, මීටර් 200 සමනලආර සහ මීටර් 200 x 4 මිශ‍්‍රආර තරගවලදී ඔහු රිදී පදක්කම් හිමිකර ගත්තා.
මේ අතර, බැඞ්මින්ටන් යුගල තරගවලදී උපරිම දක්ෂතා පෙන්නුම් නොකළ චීන සහ දකුණු කොරියානු ක‍්‍රීඩකයින්ට දඩ නියම කිරීමට ඔලිම්පික් බලධාරින් තීරණය කර තිබෙනවා.
