හම්බන්තොට මහා පරිමාණ ව්‍යාපෘති කිහිපයක්.
2012 අගෝස්තු 01 බදාදා- පස්වරු 01:21
හම්බන්තොට වරාය ආශ‍්‍රිතව මේ වසරේදී මහා පරිමාණ ව්‍යාපෘතීන් කිහිපයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. පාකිස්ථානය, සිංගප්පූරුව සහ ඉන්දියාව වැනි රටවල් මෙම ව්‍යාපෘතීන් සඳහා ආයෝජනය කරන බව සඳහන්. මේ යටතේ සීනි, පොහොර සහ ඇසුරුම් ආදී කර්මාන්තශාලා ස්ථාපිත කිරිමටයි සැලසුම් කර ඇත්තේ. හම්බන්තොට වරායේ දෙවන අදියරේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී ව්‍යාපෘතීන් 10 ක් පමණ ඒ ආශ‍්‍රිතව ආරම්භ කිරීමට නියමිත අතර එහි මූල්‍යමය වටිනාකම රුපියල් බිලියනයක්.
