කෝටි 30 ක මත්ද්‍රව්‍ය දැලේ.
2012 අගෝස්තු 01 බදාදා- පස්වරු 07:49
රුපියල් කෝටි 30 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ‍්‍රී ලංකාවට රැගෙන ආ ඉරාන ජාතිකයින් දෙදෙනෙකු ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් අද අත්අඩංගුවට ගත්තා. හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන 8.10 ට පමණ දෝහා සිට පැමිණි ගුවන් යානයකින් ඔවුන් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. ඔවුන්ගේ ගමන් මලූවල හිස ගල්වන ආලේපන සහ රැවුල බෑමේදී ගල්වන ආලේපන ඇසුරුම් රැසක් තිබී ඇති අතර ඒවා අතර සඟවා තිබියිදියි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ. මේට් ඇම්පටමයින් නම් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් දෙකක් ඔවුන් එලෙස රැගෙනවිත් තිබෙනවා.
