සංගක්කාර වසරේ ජනපි‍්‍රයම ක‍්‍රීඩකයන් අතරට.
2012 අගෝස්තු 02 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:29
අයි.සී.සී. කි‍්‍රකට් සම්මාන උළෙලේ 2012 වසර සඳහා ජනතාවගේ ඡන්දයෙන් තෝරා ගන්නා ජනප‍්‍රියම ක‍්‍රීඩකයාට හිමි සම්මානය සඳහා හිටපු කි‍්‍රකට් නායක කුමාර් සංගක්කාරගේ නම නැවතත් නිර්දේශ වී තිබෙනවා. ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අයි.සී.සී. කි‍්‍රකට් සම්මාන උළෙලේ පසුගිය වසරේ ද ජනප‍්‍රියම ක‍්‍රීඩකයාට හිමි සම්මානය හිමි වූයේ කුමාර් සංගක්කාරටයි. මීට අමතරව ඔහු පසුගිය වසරේ එක්දින ක‍්‍රීඩකයාට හිමි සම්මානය ද හිමි කර ගත්තා. මෙවර අයි.සී.සී. කි‍්‍රකට් සම්මාන උළෙල සඳහා නිර්දේශ වී ඇති සෙසු ක‍්‍රීඩකයන් අතර සචින් තෙන්ඩුල්කාර්, වර්නන් ෆීලෑන්ඩර් සහ ජැක් කලීස් වනවා. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිදුකරන මෙම ඡුන්ද විමසීම මේ මස 31 වැනිදා දක්වා කි‍්‍රයාත්මකයි.
