චීනය හමුදා බලය පැතිරවීමට සැරසේ.
2012 අගෝස්තු 02 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:34
මහජන චීන හමුදාව පිහිටුවීමේ 85 වැනි සංවත්සරය බීජිං අගනුවර දී ඊයේ (01) පැවැත්වුණා. චීන හමුදාව මෙම සංවත්සරයට එක්වූයේ නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී පවතින අවස්ථාවකයි. සම්පත්වලින් පොහොසත් මෙම කලාපයේ දිවයින්වල අයිතිය සම්බන්ධයෙනුයි අර්බුදය පැන නැගී ඇත්තේ. මෙම ප‍්‍රදේශයේ සිය හමුදා බලය තර කිරීමට ද ඇමරිකාව සැරසෙනවා. ජපානය, පිලිපීනය ඇතුළු රටවල් රැසක් ඊට විරෝධය පළ කළා. කෙසේ නමුත් සිය ආර්ථික බලය ලොව පුරා පැතිරෙද්දි චීනය සිය හමුදා බලය දේශසීමාවන්වලින් ඔබ්බට පතුරවනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. විශේෂයෙන් තායිවානය පිළිබදව ද චීනය මෙහිදී අවධානය යොමු කරනු ඇති.
