පාකිස්ථාන ආයෝජනවලට ඉන්දියාවේ ඉඩ.
2012 අගෝස්තු 02 බ්‍රහස්පතින්දා- පෙරවරු 11:16
දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කරලීමේ පියවරක් ලෙස පාකිස්ථාන ආයෝජනවලට ඉඩකඩ ලබාදීමට සූදානම් බව ඉන්දියාව ප‍්‍රකාශ කළා. ඉන්දීය වාණිඡු කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ පාකිස්ථාන පුරවැසියන්ට මෙන්ම සමාගම්වලට මේ අනුව, ඉන්දියාව තුළ ආයෝජන සිදු කිරීමට හැකි බවයි. කෙසේ නමුත්, ආරක්ෂක අභ්‍යවකාශ තාක්ෂණ හෝ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත‍්‍රවල ආයෝජන සඳහා පාකිස්ථානුවන්ට අවස්ථාව නොලැබෙනු ඇති. එමෙන්ම, ආයෝජන සිදුකරන සියලූ පාකිස්ථාන සමාගම් ඉන්දීය විදේශ ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි. 2008 වසරේ මුම්බායි ප‍්‍රහාරයෙන් පසු බිඳ වැටුණු ඉන්දු - පාකිස්ථාන සාම සාකච්ඡා පසුගිය වසරේදී ආරම්භ වුණා.
