ලාහෝර් ප‍්‍රහාරයේ ත‍්‍රස්තයෙක් වෙඩි වැදී මියයයි.
2012 අගෝස්තු 02 බ්‍රහස්පතින්දා- පස්වරු 12:41
2009 වසරේදී පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවෙකු අද පාකිස්ථානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේදී පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා. පන්ජාබයේ - මුලාන් නගරයේ ත‍්‍රස්තවාදීන් සැරිසරන බවට පාකිස්ථාන පොලිසියට අද තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව, පොලිස් මුරපොලකදී බස් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු පොලිසියට වෙඩි තබා ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත්තේ. අබ්දුල් ගෆාර් නොහොත් සයිෆුල්ලා ලෙස හැඳින්වෙන මෙම ත‍්‍රස්තකරු තාරික් -ඉ- තලෙයිබාන් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
