ඉන්දීය වාණිජ ඇමති හෙට එයි.
2012 අගෝස්තු 02 බ්‍රහස්පතින්දා- පස්වරු 07:13
සීපා ගිවිසුම සඳහා සාකච්ජා කිරීම සඳහා ඉන්දීය වාණිජ අමාත්‍ය ආනන්ද ශර්මා හෙට (02) දිවයිනට පැමිණෙනවා. ද හින්දු පුවත්පත වාර්තා කළේ ඔහු දින 03 ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන බවයි. ඔහු ශ‍්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හමුවීමට නියමිතයි. ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පවතින වාණිජ කටයුතු තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුකරනු ඇති බවයි හින්දු පුවත්පත සඳහන් කළේ.
