වීනස් විලියම්ස්ට ඔලිම්පික් පදක්කම අහිමි වෙයි.
2012 අගෝස්තු 02 බ්‍රහස්පතින්දා- පස්වරු 07:22
ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී බැඞ්මින්ටන් කාන්තා යුගල තරගවලදී උපරිම දක්ෂතා පෙන්නුම් නොකළ චීන, දකුණු කොරියානු සහ ඉන්දුනීසියානු ක‍්‍රීඩිකාවන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලෙන් නෙරපීමට තීරණය කර තිබෙනවා. මෙම කී‍්‍රඩිකාවන් උපරිම දක්ෂතා පෙන්නුම් නොකර සිතාමතාම තරග පරාජයට පත්වීමේ අරමුණින් කී‍්‍රඩා කළේ යැයි චෝදනා යටතේ ඊයේ දිනයේදී ඔවුන්ට දඩයක්ද නියම කළා. එම චෝදනාවන්ට ලක්ව සිටින කී‍්‍රඩිකාවන් අතරින් චීනයේ බැඞ්මින්ටන් ශූරියක් වන යූ යැං කී‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් චීන බැඞ්මින්ටන් පුහුණුකරු චේ යං ලන්ඩන් ඔලිම්පික් තරග කමිටුවෙන් සමාව ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජයග‍්‍රහණය තහවුරු කර ගැනීමේ උපක‍්‍රමයක් ලෙස මෙම කී‍්‍රඩිකාවන් උපරිම දක්ෂතා පෙන්නුම් නොකර කී‍්‍රඩා කර තිබෙනවා.
මේ අතර, ඇමරිකානු ටෙනිස් ශූරි වීනස් විලියම්ස් අද (02) පැවති ඔලිම්පික් මූලික වටයේ ටෙනිස් තරගයකදී ජර්මනියේ ඇන්ජලා හර්බක් හට පරාජය වී තිබෙනවා. ඒ අනුව වීනස් විලියම්ස්ට සිව්වැනි වතාවටත් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගියා.
