නාසා ගඟන යානය අඟහරු අභියස.
2012 අගෝස්තු 03 සිකුරාදා- පෙරවරු 10:31
පෘථිවියේ සමීපතම ග‍්‍රහ වස්තුව වන රතු ග‍්‍රහයා නොහොත් අඟහරු වෙත යැවෙන ඇමෙරිකානු නාසා ආයතනයේ කියුරියෝසිටි ගඟන යානය දැන් ඊට ඉතා සමීප වී තිබෙනවා. විශේෂිත රොබෝ යානයක් මගින් අඟහරු මතුපිට ගවේෂණයට සැරසෙන මෙම යානය ලබන සඳුදා එය මත පතිත පනු ඇතැයි අපේක්ෂිතයි. වසර 2 ක් තිස්සේ දීර්ඝ අභ්‍යවකාශ චාරිකාවක නිරත වූ ගඟන යානය නිවැරදි අන්දමින් අඟහරු වෙත ළඟා වනු ඇතැයි නාසා ආයතනය විශ්වාසය පළ කළා. අඟහරු මත ජලය සහ ජීවයේ පැවැත්ම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම මෙම අභ්‍යවකාශ චාරිකාවේ අරමුණයි.
